Bot net

අද ලෝකයේ නොයෙක් රටවල පාවිච්චි කරන පරිගණක තුනකින් එකක් පාලනය කරන්නේ සයිබර් අපරාධකරුවෙකි(Cyber criminal).දුර රටක සිටින සිටින මෙම අපරාධකරුවා අපේ නිවසේ හෝ කාර්යාලයේ තිබෙන පරිගණකය සිය ග්‍රහණයට ගන්නේ ඉතා සූක්ෂම තාක්ෂණික උපක්‍රම යොදා ගනිමිනි.ඔහුගේ ග්‍රහණයට ලක්ව තිබෙන්නේ පරිගණක 1,2ක් නොවේ,පරිගණක කෝටි ගණනකි.මේ පරිගණක සියල්ල එකිනෙකට සම්බන්ධ කර තනි ජාලයක් සේ ක්‍රියාත්මක කල හැකිය.එය බොට්නෙට් එකක් (Botnet)ලෙස හැදින්වේ. අන්තර්ජාලය සමඟ සම්බන්ධ වන පරිගණක කෝටි ගණනක් එක් නරක අරමුණකට මෙහෙයවිය හැකි බොට්නෙට් යනු ,පරිගණක ආරක්ෂාව අතින් අද ලොව තිබෙන ලොකුම අර්බුදයයි.එනම් එය ලොව දැවැන්තම සයිබර් අර්බුදයයි.මෙහි දිග පළල තේරුම් ගත හැක්කේ බොට්නෙට් වල ක්‍රියාකාරීත්වය තේරුම් ගත් විටයි. බොට් (bot)යන වචනය බිඳී ආයේ ,රොබො හෙවත් රොබොට්(Robot) යන ඉංග්‍රීසි වචනයෙනි.මේ කියන්නේ,රොබෝ යන්ත්‍ර ගැන නොවේ.රොබො වැඩසටහන් (robot programs)ගැනය.යම් දෙයක් ඉකරන්නට පුළුවන් පරිගණක වැඩසටහනක් හඳුන්වන්නේ රොබෝ වැඩසටහනක් කියාය. ස්ර්ච් එන්ජිමක්,යම් සෙවුමකට ගැළපෙන වෙබ් පිටු සොයා යන්නේ ස්පයිඩර්ස්(Spiders) යනුවෙන් හඳුන්වනු ලබන ස්වයංක්‍රීයාකාරී වැඩ...