Posts

Showing posts from April, 2021

Severus snape

Image
Hogwarts Great Hall පිටුවෙන් උපුටා ගත්තකි.. Half_Blood_Prince Harry Potter කතාවේ ආසම චරිතය කවුද කියලා ඔයාලගෙන් ඇහුවොත් කට්ටියට විවිධාකාර පිළිතුරු තියේවි. ඒ පිළිතුරු අත⁣රේ අනිවා⁣ර්යෙන්ම සුලබම පිළිතුරක් බවට පත්වෙන්නෙ Severus Snape කියන නම. ඔව්... අද මම කතා කරන්න යන්නෙ Harry Potter කතාමාලාවේ මගේ කැමතිම චරිතය වන Half Blood Prince එහෙමත් නැත්තම් Severus Snape ගැන. Severus Snape උපත ලබන්නේ 1960 ජනවාරි මාසෙ 9 වැනිදා English, Half Blood මායාකාරයෙක් විදියට. ඔහුගේ පියා වුනේ Muggle කෙනෙක් වුනු Tobias Snape. ඒ වගේම ඔහුගේ මව වුනේ මායාකාරියක් වුනු Eileen Prince. Severus හැදීවැඩුනේ ජීවත් වීමට එතරම් සුදුසු පරිසරයක් නොතිබුණු Spinner's End, Cokeworth ගම්මානයේය. Severus කුඩා කාලයේදී ඔහුගේ දෙමව්පියන් අතර නිතර සිදු වූ මත ගැටීම් නිසා ඔහු සිටියේ බෙහෙවින්ම හෙම්බත්වීය. මේ හේතුව නිසා හැකි ඉක්මනින් වයස අවුරුදු 11 සම්පූර්ණ වී Hogwarts යාමට ඔහු දැඩි නොඉවසිල්ලෙන් පසුවිය. Severus ගේ පියා වූ Tobias සර්ව අසුබවාදී පුද්ගලයෙක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. Severus විසින් වරක් තම පියාව හඳුන්වාදෙනු ⁣ලැබුවේ, "He doesn...