Severus snape
Hogwarts Great Hall පිටුවෙන් උපුටා ගත්තකි..
Half_Blood_Prince
Harry Potter කතාවේ ආසම චරිතය කවුද කියලා ඔයාලගෙන් ඇහුවොත් කට්ටියට විවිධාකාර පිළිතුරු තියේවි. ඒ පිළිතුරු අතරේ අනිවාර්යෙන්ම සුලබම පිළිතුරක් බවට පත්වෙන්නෙ Severus Snape කියන නම. ඔව්... අද මම කතා කරන්න යන්නෙ Harry Potter කතාමාලාවේ මගේ කැමතිම චරිතය වන Half Blood Prince එහෙමත් නැත්තම් Severus Snape ගැන.
Severus Snape උපත ලබන්නේ 1960 ජනවාරි මාසෙ 9 වැනිදා English, Half Blood මායාකාරයෙක් විදියට. ඔහුගේ පියා වුනේ Muggle කෙනෙක් වුනු Tobias Snape. ඒ වගේම ඔහුගේ මව වුනේ මායාකාරියක් වුනු Eileen Prince. Severus හැදීවැඩුනේ ජීවත් වීමට එතරම් සුදුසු පරිසරයක් නොතිබුණු Spinner's End, Cokeworth ගම්මානයේය. Severus කුඩා කාලයේදී ඔහුගේ දෙමව්පියන් අතර නිතර සිදු වූ මත ගැටීම් නිසා ඔහු සිටියේ බෙහෙවින්ම හෙම්බත්වීය. මේ හේතුව නිසා හැකි ඉක්මනින් වයස අවුරුදු 11 සම්පූර්ණ වී Hogwarts යාමට ඔහු දැඩි නොඉවසිල්ලෙන් පසුවිය. Severus ගේ පියා වූ Tobias සර්ව අසුබවාදී පුද්ගලයෙක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. Severus විසින් වරක් තම පියාව හඳුන්වාදෙනු ලැබුවේ, "He doesn't like anything much" ලෙසය. Severus ගේ මව කෙට්ටු ශරීරයක් ඇති මායාකාරියක් වූ අතර Severus ගේ මුහුණ ඔහුට මවගෙන් ලැබුනායැයි කිව හැකි මට්ටමටම ඔවුන් දෙදෙනාගේ මුහුණුවර සමාන විය.
Hogwarts වලට යාමට යම් කිසි කාලයකට පෙර Severus තම ගම්මානයේ එලිමහනක සෙල්ලම් කරමින් සිටි තම වයසේම ගැහැණු ළමයෙක් දකින අතර ඔහුගේ සිතේ එම මොහොතේ පටන් ඇය ගැන අමුතු හැඟීම් දාමයක් ජනිත වීම ඇරඹෙන්නේය. ඒ ගැහැණු ළමයා තමයි අපි කවුරුත් දන්න Lily Evans එහෙමත් නැත්තම් Harry ගේ අම්මා. ඇය Muggle කෙනෙක් වීම සහ තමා මායාකාරයෙක් වීම නිසා Severus ඇය සමඟ යාලුකමක් ඇරඹීමට පවා මැලිවුනා. නමුත් දිනක් ඇයටත් මායාවන් පිළිබඳ හැකියාවක් තිබෙන බව දැනගත් Severus ඇයට කතා කිරීමට තීරණය කරනවා. ඒ වගේම ඇයට ඇගේ හැකියාව ගැන තේරුම් කිරීමටත් Severus පසුබට වන්නේ නැහැ. මේ අවස්ථාවේ Lily ගේ සහෝදරිය වන Petunia පැමිණ ඊර්ෂ්‍යා සහගත ලෙස Lily ව රැගෙන යනවා. නමුත් කෙසේ හෝ කාලයත් සමඟ Severus ව විශ්වාස කරන Lily, ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්නවා. දිනක් Severus, Lily සමඟ ඇයගේ නිවසට යන අතර එහිදී Petunia ගේ කාමරයේ තිබී Hogwarts වෙත යැවූ ලිපියක් හමුවෙනවා. ඔහුට අදහාගන්නත් බැරිවෙනවා Muggle කෙනෙකු හට Hogwarts වෙත ලිපි යැවීමට හැකි බව. ඔහු එම ලිපිය කඩා බැලූ විට එහි අඩංගු වූයේ Petunia විසින් Dumbledore හට යවන ලද ලිපියක්. එහි සඳහන් වූයේ ඇයටත් ඇගේ නංගි සමඟ Hogwarts වෙත පැමිණ ඉගෙනීමට අවසර දෙන ලෙසයි. නමුත් Dumbledore විසින් එය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබුනා. මේ අතර දිනක් Severus සහ Lily ගං ඉවුරේ කතාකරමින් සිටියදී Severus විසින් Lily හට Hogwarts, Ministry of Magic, Azkaban, Dementors ආදී මායා ලෝකයේ ඇති බොහෝ දේවල් ගැන කියාදෙනවා. මේ අතර පඳුරක සැඟවී මේ දෙස බලමින් සිටි Petunia එකවරම පැමිණ Severus ගේ ඇඳුම පිළිබඳ ඔහුට සමච්චල් කරන අතර ඒ ක්ෂණයෙන් ඇගේ උරහිස මතට ගසක අත්තක් කඩාගෙන වැටෙනවා. මෙයින් බියට පත්වන Lily, Severus ගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු එය කළ බවට ඇති වූ සැකය නිසයි. නමුත් Severus කියා සිටින්නේ ඔහු එය නොකළ බවයි. නමුත් එය විශ්වාස කිරීමට Lily සූදානම් නොවූ අතර ඇය Severus දෙස තරහෙන් බලා Petunia සමඟ යාමට තීරණය කරනවා.
Hogwarts වෙත යාමට 9 3/4 වේදිකාවට ගිය අවස්ථාවේදී Petunia තරහෙන් Lily ට පවසන්නේ තමාට Hogwarts වෙත යාමට කිසිදු උවමනාවක් නැති බව සහ Hogwarts යනු Severus සහ Lily වැනි පිස්සන් පමණක් ඉගෙනීමට යන ස්ථානයක් බවයි. මෙයින් දුකටත් කෝපයටත් පත් Lily කියා සිටියේ ලියුම් ලියා Hogwarts වෙත බඳවගන්නා ලෙස Petunia බැගෑපත් වූ බව තමා දන්නා බවයි. මෙයින් ඉතා ලැජ්ජාවට පත්වූ Petunia නැවත Lily සමඟ කිසිදු ගනුදෙනුවක් තබා නොගැනීමට අධිෂ්ඨාන කරගත්තාය. දුම්රිය තුලදී Severus සමඟ එකම මැදිරියේ ගමන් කළ Lily තම සහෝදරිය සමඟ ඇති වූ ගැටුම ගැන ඔහු සමඟ පැවසුවත් Severus කීවේ එය ගණන් නොගෙන සිටින ලෙසයි. එමෙන්ම පැය කිහිපයක් ඇතුලත ඔවුන් Hogwarts වෙත යන බවත් ඔහු ඇයට මතක් කර දුන්නා. මායා ලෝකය ගැන Snape ගෙන් දැනගත් ලස්සන කරුණු සමඟ තමා දැන් එම ලෝකයට ඇතුලු වීමට යන බව දැනුනු Lily ට ඇති වූයේ සහෝදරිය සමඟ ගැටුම පවා අමතක කරවන සුලු සතුටක්. Snape කියා සිටියේ ඔවුන් දෙදෙනාම Slytherin නිවාසයට තේරී පත්වනවා නම් එය විශාල සතුටක් කියාය. ඒ අසල රැඳී සිටි උපැස් යුවලක් පැළඳි විකාර පෙනුමක් තිබූ James Potter නම් ළමයෙක් මෙයට ප්‍රතිචාර දක්වා කියා සිටියේ ඔහු ප්‍රිය කරන්නේ Gryffindor වෙත තේරී පත්වීමට බවයි. මෙයට සමච්චල් ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීමට Snape කටයුතු කළ නිසා James සහ ඔහුගේ මිතුරු Sirius Black ගේ පළමු Hogwarts සතුරා බවට Snape පත් විය.
ඔවුන්ගේ Sorting Ceremony එකේදී James සහ Sirius තේරීපත්වුනේ Gryffindor නිවාසයට වූ අතර Lily ද Gryffindor වලට තේරීපත් විය. මෙය Snape හට දැඩි කම්පනයක් ගෙන දුන්නේ ඔහු Slytherin නිවාසයට තේරී පත්වී Lily සමඟ එක මේසයේ වාඩිවීමට ඔහුට නොහැකි වීම නිසයි. ඒ වන විට Slytherin නිවාසයේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු වූ Lucius Malfoy විසින් Snape ව සාදරයෙන් තම නිවාසයට පිළිගනු ලැබුවා. ඉගෙනීම් කටයුතු අතින් Snape යනු පාසලේ ඉහළින්ම සිටි චරිතයක්. විශේෂයෙන්ම Defence Against the Dark Arts සහ Potion යනු Snape විශේෂඥතාවයක් පළ කළ විෂයන් දෙකක්. ඒ වගේම ඔහුට ඔහුගේම කියා Nick name එකක් තිබුණා. ඒ තමයි Half Blood Prince. මෙහි Half Blood යන කොටස ඔහු තම ලේ වල වර්ගය අනුව යොදාගත් එකක් වන අතර Prince යනු ඔහුගේ මවගේ විවාහයට පෙර නමයි. ඔහු තමාගේ Potion පොතේ විවිධාකාරයේ Notes ලියා තැබීමට කටයුතු කළා. ඔහු විසින්ම සොයාගන්නා ලද Spells බොහොමයක්ද ඒ අතර වුනා. ඒ අතරින් Sectumsempra යනු ඔහු සොයාගත් ප්‍රසිද්ධම Spell එකයි. එයින් සිදු කරන්නේ තම ප්‍රතිවාදියාට අදිසි කඩුවකින් නොකඩවා පහර දීමක් සිදු කරන ආකාරයේ මායාවක්. Snape ගේ මායා දැනුම ගැන මෙයින් ඉතා හොඳ අවබෝධයක් අපට ලබාගන්න පුලුවන්. ඒ වගේම Potion සෑදීමේදී පොතේ අච්චු ගසා ඇති ක්‍රමයන්ට වඩා සාර්ථක ක්‍රම ඔහු විසින් පොතේ ලියාතැබුවා. ඒවා අතිශය සාර්ථක ක්‍රම වූ අතර පොත් ලියපු අයට වඩා දැනුමක් Snape සතු වූ බව මෙයින් හොඳින්ම වැටහෙනවා.
පාසල් කාලය අතරතුර James සහ ඔහුගේ මිතුරන් (Sirius, Lupin, Peter) විසින් Snape හට දැඩි පීඩනයක් එල්ල කරන ලද අතර ඔවුන් Snape ව හැඳින්වූයේ Snivellus යන විහිලු අන්වර්ථ නාමයෙනි. නිතරම තනිව සිටීමට උත්සාහ කළ Snape ව දුටු තැන ඔහුට කරදර කිරීම James ඇතුලු කණ්ඩායමේ පුරුද්දක් වී තිබිණි. මේ අතර Lupin ගේ Werewolf රහස ගැන Snape හට ඉව වැටෙන්න ගන්නවා. මෙය සොයා යන Snape හට වැලපෙන විලෝ ගස තුල ඇති ගුහාව තුලදී Werewolf වී සිටි Lupin සහ James ව හමු වෙනවා. එම අවස්ථාවේ පාලනයකින් තොරව සිටි Lupin ව පාලනය කරගන ලද්දේ James විසිනි. මෙම අවස්ථාවේ Snape එතනින් පැන යන අතර මෙම සිද්ධිය Snape ට සිතට වද දෙන්න ගන්නවා. කෙසේ නමුත් Snape ගේ සහ Lily ගේ මිත්‍රත්වය දිගින් දිගටම පැවතුනු අතර Lily ගේ මිතුරියන් විසින් මෙය අනුමත කරන්නේ නැහැ. එයට හේතු වූයේ එම කාලය තුල Snape ඇසුරු කළ මිතුරන් කණ්ඩායම Dark Arts ප්‍රිය කළ අය වීමයි. මේ නිසා Lily එක් අවස්ථාවකදී Snape හට ඒ පිළිබඳ දැනුම් දෙනු ලබනවා. මෙයින් කෝපයට පත්වන Snape, Lily ගෙන් අසන්නේ ඇය James සහ ඔහුගේ සහචරයින් සිදු කරන දේවල් වලට එකඟ වනවාද යන්නයි. Lily මෙහිදී ලබා දෙන්නේ පිළිගත නොහැකි පිළිතුරක්. "අඩුම තරමේ එයාලා Dark Magic භාවිත කරන්නේ නෑනෙ." යන්න ඇගේ පිළිතුර වුනා.
ඔවුන්ගේ පස්වන වසරේදී දිනක් Snape ගං ඉවුරේ තනිව සිටින අවස්ථාවකදී James සහ ඔහුගේ සහචරයන් පැමිණ Snape ට කරදර කරනු ලබනවා. හතර දෙනෙක්ට එරහිව එක් අයෙක්. (පුදුම සාධාරණ සටනක් 😒) එතනට පැමිණෙන Lily තරහෙන් ප්‍රකාශ කර සිටින්නේ Snape හට කරදර නොකර සිටින ලෙසයි. අවස්ථාවෙන් ප්‍රයොජන ගන්නට සිතූ James කියා සිටින්නේ ඔහු සමඟ පෙම් හමුවකට (Date එකකට) යාමට කැමති වනවා නම් නැවත කිසිම දිනක Snape හට කරදර නොකරන බවයි. (බලෙන් ආදරය දිනාගැනීමේ ක්‍රම 😂) නමුත් Lily විසින් මෙය එක හෙලාම ප්‍රතික්ෂේප කර සිටින්නේ වැවේ සිටින යෝධ බූවල්ලා සමඟ ගියත් ඔහු සමඟ නොයන බව කියාය. මෙම අවස්ථාවේ නැවතත් Snape ට කරදර කරන විට Lily තම යශ්ටිය අතැතිව මැදට පැන කියා සිටයේ ඇය Snape ගේ පැත්ත ගෙන සටන් කරන බවයි. මෙයින් පසුබෑ James කියා සිටියේ, "You're lucky Evans was here, Snivellus" කියාය. මින් ලැජ්ජාවට පත්වුනු Snape ගේ කටින් කියවුනු ඊළඟ වචන කිහිපය නිසා කතාවේ ගොඩනැගෙන්නට තිබූ ආදරණීයම කතාව එක මොහොතක් තුල බිඳවැටුනි. "I don't need help from filthy little Mudbloods like her!" සිතේ ඇතිවූ ක්ෂණික කෝපය නිසා පිට වූ එම වචන Lily ගේ සිත සම්පූර්ණෙන්ම බිඳහෙලීමට තරම් ප්‍රබල විය. ඉන් පසු දින කිහිපය තුල Snape කෙතරම් ඇගෙන් අයැදිමින් සමාව ඉල්ලුවද Lily එය තඹේකට මායිම් කළේ නැත. මේ හේතුව නිසා අඳුරෙන් අඳුරට ගමන් කළ Snape ඔහුගේ Slytherin මිතුරන් සමඟ Voldemort ගේ Death Eaters කණ්ඩායමට එකතු විය. ඉන් පසු අවුරුදු කිහිපය ඔහු Lily ව හමු වූයේම නැති තරම්ය. මේ අතරතුර Lily, James සමඟ විවාහ වී ඇති බව දැගනත් Snape ගේ සිතේ ඇති වූයේ කියා නිම කළ නොහැකි වේදනාවකි. ඔහුගේ ජීවිතයේ එකම ආදරය ඔහුගේ ප්‍රධානම සතුරා සමඟ විවාහ වීම කුමන ආකාරයේ දුකක් දැයි අමුතුවෙන් පැවසිය යුතු නැත.
මේ සිද්දිය සමඟ Snape, Voldemort ගේ විශ්වාසවන්තම Death Eater කෙනෙක් ලෙස Voldemort ට සේවය කළේය. එහිදී Voldemort ගේ අණ කිරීමට අනුව Snape, Hogwarts හි ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට යන්නේ Dumbledore ගැන ඔත්තු බැලීමේ අරමුණෙනි. මෙසේ කල්ගතවන විට දිනක් Snape හට Dumbledore සහ Sybill Trelawney අතර සංවාදයක් ඇසෙනවා. ඒ තමයි Sybill විසින් Dumbledore හට Harry සහ Voldemort පිළිබඳ Prophecy එක ගැන කියන සංවාදය. මේ පිළිබඳ Snape විසින් Voldemort ට කියූ විට ඔහු එයින් තේරුම්ගන්නේ ඔහුගේ බලයට අභියෝග කළ හැක්කේ Harry Potter ට හෝ Neville Longbottom ට බවයි. ඒ අතරින් මුලින්ම Harry ව මැරීමට Voldemort තීරණය කරනු ලබනවා. මේ සමඟම Snape හට තමා කළ දේ බරපතලකම තේරුම් යනු ලබනවා. තමාගේ ජීවිතයේ ආදරය වන Lily මිය යාමට යන බව තේරුම්ගත් Snape, Voldemort ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ Lily ගේ ජීවිතය බේරන ලෙසයි. නමුත් Voldemort යනු කවුරුන්දැයි හොඳින්ම දන්නා Snape, Dumbledore වෙත ගොස් පාපොච්චාරණය කිරීමක් සිදු කරනවා. එමෙන්ම Lily සහ Harry ආරක්ෂිත තැනකට ගෙන යන ලෙස Dumbledore ගෙන් ඉල්ලා සිටිනවා. එතනදී Snape හට බැනවදින Dumbledore කියා සිටින්නේ එසේ කරනවාට Snape තමා වෙනුවෙන් කුමක් සිදුකරන්නේද යන්නයි. එයට තනි වචනයෙන් පිළිතුරු දෙන Snape කියා සිටින්නේ "Anything" කියාය. කෙතරම් ආරක්ෂාවක් යෙදුවද James ගේ පරණ මිතුරෙකු වූ Peter Pettigrew ගේ පාවා දීම හමුවේ ඔවුන් සිටිනා ස්ථානය සොයාගත් Voldemort, James සහ Lily මරාදමනවා. Harry මැරීමට නොහැකි වූ Voldemort පලායන අතර Snape එතනට පැමිණෙන්නේ සියල්ල අවසන් වූ පසුවයි. ඔහු එතැන පොළොවේ හැපෙමින් අඬනවා. එය පොතේ විස්තර වන්නේ මේ අයුරින්, "He looked like a man who had lived a hundred years of misery." 😥 මෙම සිදුවීමෙන් පසු සියදිවි නසාගැනීමේ මට්ටමේ දුකකින් සිටි Snape, Dumbledore විසින් කරුණු පැහැදිලි කිරීම නිසා Harry ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට පොරොන්දු වෙනවා.
මේ නිසා දිගටම Hogwarts හි Potion ඉගැන්වීමේ කර්තව්‍යයෙහි Snape නිරත වෙනවා. ඒ සමඟ Horuce Slughorn ගේ විශ්‍රාම ගැනීමත් සමඟම Slytherin නිවාසයේ Head විදියට Snape උසස් වීමක් ලබනවා. Harry, Hogwarts වෙත පැමිණි කාලයේ Snape විසින් Harry ට හොඳින් නොසැලකීමට වග බලාගන්නේ Harry විසින් Snape ට ඔහුගේ හතුරා වන James ව සිහි කිරීම නිසයි. මේ අතර Dumbledore විසින් Snape හට මහාචාර්ය Quirrell ගැන විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී තිබිණි. Snape එම රාජකාරිය ඉතා හොඳින් ඉටු කළේය. එමෙන්ම වරක් Harry, Quidditch තරඟයක් අතරතුර Quirrell ගේ බන්ධනයක් නිසා Broomstick එකෙනේ වැටෙන්නට ගිය අවස්ථාවේ Counter Curse එකක් කරමින් එයට වළක්වා සිටියේද Snape විසිනි. මෙසේ අවුරුදු කිහිපයක් ගෙවී යන විට Harry Potter and the Goblet of Fire කතාවේදී Snape ඇතුලු සියලුම Death Eaters ලාගේ අතේ කොටා ඇති Dark Mark Tattoo එක රිදුම් දෙන්න ගන්නවා. එයින් කියවෙන්නේ Voldemort තව තවත් බලවත් වන බවයි. ඉන්පසු කෙසේ හෝ Voldemort නැවත ඉපදීමත් සමඟ ඔහුගේ Death Eaters ලා සියල්ලටම නැවත කැඳවීමක් කරනු ලබනවා. Snape හැර සියලුම Death Eaters ලා නැවත Voldemort ළඟ දණ නැමීමට පැමිණෙනවා.
මේ කාලය තුල Dumbledore සහ Snape අතර සාකච්ඡාවක් ඇතිවනවා සේම විශාල සැලසුමක පිඹුරුපත් එම සාකච්ඡාව තුලින් ගොඩනැගෙනවා. එනම් Voldemort ගේ ළඟට ගොසින් Dumbledore ගේ ඔත්තුකරුවෙක් ලෙස ක්‍රියාකරන ලෙස Dumbledore, Snape හට කියා සිටිනවා. මේ අනුව අනෙක් Death Eaters ලා Voldemort හමුවීමෙන් පැය දෙකකට පසු Snape, Voldemort හමුවීමට ගොස් ඔහු Dark Lord නැවත පැමිණීමක් බලාපොරොත්තු නොවූ නිසා Hogwarts වල නැවතුනු බව කියා සිටිනවා. Voldemort මේ ගැන සැක කරන්න නොයන්නේ Snape සතුව Dumbledore ගේ ජීවිතයේ විශාල අවුරුදු ප්‍රමාණයක දත්ත සතු වූ නිසාවෙනි. එමෙන්ම ඉතාම බලවත් Voldemort හට අනුන්ගේ මනස කියවීමේ හැකියාව පවා තිබුණද එයින් Snape නිරාවරණය කරගත නොහැකි වන්නේ Snape යනු Occlumency පිළිබඳ අතිශය විශේෂඥයෙක් වීම නිසාවෙනි. එනම් Voldemort ට තම මනසට ඇතුලත් වීමට ඉඩ නොදී මනස වසාගෙන සිටීමේ හැකියාට Snape හට තිබිණි. 😎 ඔත්තුකාර භූමිකාව හොඳින්ම රඟපෑ Snape Dumbledore ගේ Order of Phoenix කණ්ඩායමටද බැඳුනි. එහි යම් යම් තොරතුරුද Dumbledore ගේ අනුදැනුම ඇතිව Voldemort ට ලබා දීමට Snape කටයුතු කරන ලදී. කෙතරම් ළඟින් ආශ්‍රය කළත් Snape පක්ෂපාතී වන්නේ තමාට නොව Dumbledore ට බව කිසි ලෙසකින්වත් Voldemort ට සිතාගත නොහැකි වූයේ Snape ගේ Occlumency දැනුමේ උසස්භාවය නිසාවෙනි. ඉන්පසු දිනක් Dumbledore, Snape හමුවන්නේ Voldemort ගේ Horcrux එකක් ( මුදුව ) විනාශ කිරීමට යාම නිසා ඇති වූ මාරාන්තික මායාවකට බෙහෙත් ලබාගැනීමටය. එහිදී Dumbledore අසන ලද්දේ එම මායාවෙන් ඔහුව මිය යෑමට කෙතරම් කල් ගතවේවිදැයි කියාය. එයට පිළිතුරු වශයෙන් Snape කියා සිටියේ වසරක පමණ කාලයක් යැයි කියාය. මෙහිදී Dumbledore හට නව අදහසක් පහලවිය. ඒ Draco Malfoy පිළිබඳවය. Voldemort විසින් Lucius Malfoy ගේ ක්‍රියාකලාපය නිසා ඇති වූ කළකිරීමට දඬුවමක් වශයෙන් Draco හට Dumbledore ව මරාදැමීමට පවරා තිබිණි. මෙය දැන සිටි Dumbledore කියා සිටියේ Draco ගැන Snape අවධානය යොමුකළයුතු බව සහ තමා මරනවා නම් මරාදැමිය යුත්තේ Snape මිසක් Draco නොවන බවයි. මෙයට හේතුව ලෙස Dumbledore කියා සිටියේ Droco මිනීමැරුමක් සිදු කළහොත් ඔහු අඳුරු පැත්තට ඇද යාමට එය හේතුවන බවයි. "That boy's soul is not yet so damaged, I would not have it ripped apart on my account." මේ පිළිබඳ විශාල වාදයක් Dumbledore සහ Snape අතර සිදු වුනද අවසානයේ Snape එයට එකඟ විය. එමෙන්ම තමා මියගිය පසු Hogwarts හි සියලුම සිසුන් ආරක්ෂා සහිතව තබන බවට Dumbledore විසින් Snape ව පොරොන්දු කරගන්නා ලදී.
නව පාසල් වාරය ආරම්භ වීමට පෙර Draco ගේ මව වන Narcissa Malfoy සහ Bellatrixs Lestrange දෙදෙනා Snape හමුවීමට යන අතර එහිදී Narcissa විසින් Snape ගෙන් ඉල්ලා සිටින්නේ Voldemort, Draco හට භාරදුන් කාර්යභාරය ඉටු කිරීමට ඔහුට උදව් වන ලෙසයි. මේ සිද්දිය අතරතුර Bellatrixs විසින් Snape ගේ පක්ෂපාතීත්වය ගැන සැකයැයි පවසමින් Unbreakable Vow එකක් ලබාගන්නා අතර එය අනුව Droco හට Dumbledore මැරීමට නොහැකි වුවහොත් Snape විසින් එය කළ යුතු වුනා. මේ අනුව පාසල් වාරය තුල Snape, Draco ළඟින්ම සිට සොයා බැලූ අතර ඔහුට උදව් කිරීමටද පෙළඹුනා. නමුත් උඩඟු Draco විසින් මෙම උදව් තරයේ ප්‍රතික්ෂේප කළේ එය ඔහුගේ තනි වැඩක් බවත් Voldemort හට තම පක්ෂපාතීත්වය හා ශක්තිය පෙන්විය යුතු බවත් කියාය.
මේ කාලය අතර Dumbledore සහ Snape අතර නැවතත් මෙම සිදුවීම් ගැන වාදයක් ඇති වන අතර එම අවස්ථාවක Dumbledore කිසිවෙකුත් නොදැන සිටි සත්‍යයක් Snape හට හෙලි කරනු ලබනවා. එනම් Lily මියගිය දිනයේ Voldemort විසින් Harry ව මැරීමට උත්සාහ කළ විට Voldemort ගේ ආත්මයේ කොටසක් Harry ගේ ශරීරය තුල තැන්පත් වූ බව සහ Voldemort මිය යාමට නම් සියලු Horcruxs විනාශ වීමෙන් පසුව Harry ද මිය යායුතු බවයි. මෙය Snape ගේ හිසට දරුණු පහරක මෙන් වුනා. ඔහුට Dumbledore පිළිබඳ ඇති වූයේ කෝපයක්.
"නුඹ මාව පාවිච්චි කළා. මම නුඹ වෙනුවෙන් ඔත්තු බැලුවා. මම මගේ ජීවිතේ පරදුවට තියලා වැඩ කළා. ඒ කළේ Lily ගෙ පුතා ආරක්ෂිතව තියන්න. දැන් නුඹ කියන්නෙ නුඹ ඔහුව බලාගත්තෙ මස් කඩකාරයෙක් නිසි වයස එනකන් මරන්නෙ නැතිව තියාගෙන ඉන්න ඌරෙක් බලාගත්ත විදියට කියලද..???"
Snape දැඩි තරහකින් යුතුව මේ විදියට Dumbledore ට කිව්වා. නමුත් Dumbledore ඇසුවේ, නුඹ Harry රැක බලාගැනීමට තරම් පරිණත වී ඇතිද යන්නයි. මේ ක්ෂණයෙන් Snape තම යශ්ටිය ගෙන Patronus Charm එක සිදුකරනු ලබනවා. එයින් පිටවෙන්නේ Lily ගේ Patronus එකට සමාන Doe කෙනෙක්. Dumbledore ගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙනවා. ඔහු Snape දෙසට හැරී අහන දෙය සහ Snape එයට දෙන පිළිතුර තමයි මුලු කතාව පුරාම මගේ ප්‍රියතම දෙබස් කණ්ඩය සහ මුලු මහත් කතාවම ගොඩනැගෙන්න ප්‍රධානතම හේතුව,
"Lily.... After all this time?"
"ALWAYS" 😖
මෙය සිදුවී මාස කිහිපයකට පසුව Draco විසින් Dumbledore ව මරාදැමීමේ සැලසුම ක්‍රියාත්මක කරන නමුත් Draco හට Dumbledore මරාදැමීමට නොහැකි වෙනවා. මේ නිසා Dumbledore හට සහ Narcissa හට ලබාදුන් පොරොන්දු දෙකම ඉටු කරමින් Snape විසින් Dumbledore ව මරාදමනවා. ඉන්පසුව Bellatrixs, Draco ඇතලු තවත් Death Eaters ලා කිහිප දෙනෙකු සමඟ Snape, Hogwarts මන්දිරයෙන් පලායනවා. Harry ඔවුන් ලුහුබැඳ යන අතර ඔහු විවිධාකාර Spell මඟින් Snape ට හානි කිරීමට උත්සාහ කරනවා. එම සියලුම Spells ඉතාම පහසුවෙන් වළකාලීමට Snape ට හැකි වන්නේ Harry යනු Snape සමඟ බැලූ කළ තවම දණගාන පොඩි එකෙකු මට්ටමේ සිටින අයෙක් බැවිනි. අවසානයේ Harry ඔහුට ආමන්ත්‍රණය කරන වදනින් Snape දැඩි කළකිරීමකට පත් වෙනවා.
"Fight back, You Coward."
("නැවත සටන් කරපං, බයගුල්ලෝ.")
Harry කියන මෝඩ කොල්ලා වෙනුවෙන් සේරම දේවල් කැප කරපු ඔහු... ඒ කොල්ලගෙ මවට මේ ලෝකෙ අනිත් හැමදේටම වඩා ආදරය කරපු ඔහු... ජීවත් වුන හැම දවසක්ම තම ජීවිතය පරදුවට තියලා ඒ කොල්ලව ආරක්ෂා කරපු ඔහු... ඔහු බයගුල්ලෙක් නෙමෙයි. ඔහුගේ මුහුණ මේ අවස්ථාවේදී දැඩිව වෙනස් වුනා. පුදුම වේදනාවක් ඒ මූනෙ හැංගිලා තිබුනා.
"Don't call me Coward!"
ඔහු කීවෙ එපමණයි.
තත්වය මේ ආකාරයෙන් වෙද්දී Voldemort ගේ සිත දිනාගෙන සිටි Snape ඔහුට තවත් ඔත්තුවක් ලබාදෙන්නේ Harry ව ආරක්ෂිතව ගෙන යන දිනය ගැනයි. නමුත් ඒ අතරම Snape, Mundungus Fletcher ගේ මාර්ගයෙන් Order of Phoenix හට කියා සිටින්නේ Polyjuice potion යොදාගෙන Harry ගේ රුව ඇති කිහිප දෙනෙක් මෙම ක්‍රියාන්විතයේදී යොදාගන්නා ලෙසයි. Battle of Seven Potters මතක ඇතිනේ කාටත්. මේ අතර Snape දිනක් පැරණි Order of Phoenix හි ප්‍රධාන කාර්යාලයට යන අතර එහිදී Lily විසින් Sirius හට එවන ලද ලිපියක් ඔහුට හමුවෙනවා. එහි කුඩා Harry, Broomstick එකක් පදින අතර Lily සිනාසෙමින් එය දෙස බලාසිටින පින්තූරයක් ඇතුලත් වෙනවා. අතිශය කම්පා වුනු හදකින් මේ ලියුම දෙස බලාසිටින Snape අවසානයේ ලිපියේ ඇති "Lots of Love, Lily" කියන වචන ඇතුලත් කොළ කැබැල්ල සහ Lily සිනාසෙමින් සිටින පින්තූර කැබැල්ල ඉරාගෙන තමා ළඟ තබාගනු ලබනවා. 😣 ඉන්පසුව Hogwarts හි Headmaster ලෙස පත්වන Snape, Dumbledore ගේ පොරොන්දුව රකිමින් සියලුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා. Headmaster office එක තුලින් Gryffindor Sword එක සොයාගන්නා Snape එය Dumbledore ගේ පින්තූරය පසුපස බිත්තිය තුල සඟවා ව්‍යාජ කඩුවක් ඒ වෙනුවට තබනවා. Dumbledore ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට Gryffindor Sword එක ලැබුනත් ඒ ලැබෙන්නේ ව්‍යාජ කඩුවයි. නිසි වෙලාව පැමිණි පසු එය Harry ට ලබාදීමට Snape තීරණය කරගෙන සිටිනවා. එමෙන්ම එය තමාගේ අනන්‍යතාව හෙලි නොකර Harry ට ලබාදීමට Snape කටයුතු කරන්නේ තම Patronus එක ආධාරයෙන්. අවසානයේ Harry, Hogwarts වලට පැමිණෙන අතර Order of Phoenix සහ Hogwarts හි මහාචාර්යවරුන් එක්ව Snape ව Hogwarts මන්දිරයෙන් එළවා දමනවා. ඉන්පසු ඇතිවන Battle of Hogwarts හිදී විශාල ලෙස දේපළ සහ ජීවිත හානි සිදුවෙනවා. එම රාත්‍රිය අවසානයේ Voldemort, Snape ව කැඳවනවා. එම කැඳවීමෙන් පසු Harry ට සත්‍ය පැවසීමට Snape සැලසුම් කරගෙන සිටියත් එය සාර්ථක නොවන්නේ Voldemort එම කැඳවීම කර තිබුනේ Snape ව මරාදැමීමට වූ නිසයි. Elder wand එකේ නියම අයිතිකාරීත්වය ලබාගැනීමේ අදහසින් Snape ව මරා දමන Voldemort එතනින් පිටව ගිය පසු Harry එතැනට පැමිණ මැරෙන්නට පණ අදින Snape ළඟින් ඉඳගන්නවා. එහිදී තම කඳුලු බිඳුවක් Harry ට ලබාදී එයින් සත්‍ය ඔහුට එළි කරන Snape අවසානයේ වෙව්ලන ස්වරයෙන් කියන්නේ මෙවැන්නක්,
"Look.... at.... me......."
Snape ට අවශ්‍ය වුනේ මැරෙන මොහොතේදීත් Lily ගේ ඇස් දෙක දැකගැනීමටයි.
Dumbledore ගේ හොඳම ඔත්තුකාරයා, තම ආදරය වෙනුවෙන් ජීවිත කාලයක් කැපකරපු සුන්දර ආදරවන්තයා, ලෝකයක් වෛර කරද්දි ඉවසාගෙන සැලැස්මටම වැඩ කරපු ඉවසිලිවන්තයා, Voldemort පවා රවට්ටපු මහා බුද්ධිමතා ඉතින් කතාවේ කැමතිම චරිතය වෙන්න මේ හේතු මදිද...???
අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙවැනි දෙයක්......
"We don't know the definition of true love, but the thing which is in Snapes heart for Lily can be defined as the true love. Therefore love like Snape💚"
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
Comments
Post a Comment